යාපන-ඉන්දියා ඍජු නාවික ප්‍රවාහන ඇරඹේ

යාපනයේ සිට ඉන්දියාවට මුහුදු මගින් මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව කන්කසන්තුරේ වරාය හරහා ඉන්දියාවට සෘජුව මිනිසුන් හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට නියමිතයි.

එහිදී ඉන්දියාවේ සිටින පිරිස් හට මෙරටට පැමිණීමටත් මෙරට ජනතාවට ඉන්දියාවට යාමටත් හැකි බවයි වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසන්නේ.

එක්වරකදී කිලෝග්‍රෑම් 100ක පමණ භාණ්ඩ මගීන්ට එහා මෙහා රැගෙන යාමට ද හැකියාව පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වුවද මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ අනුමැතිය ලැබෙන්නට මාස 6ක කාලයක් ගත වන බවද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles