ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දින සවස 2ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබෙනවා. සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මේ සඳහා කැඳවා තිබෙන බවයි.
විශේෂ වාර්තා දෙකක් සහ පෙර කෝප් කමිටු නිර්දේශ ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසෙනවා.