අද දුරුතු පොහොය දිනය යි

ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් හරසරින් සමරන බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදුවූ බව පැවසෙන දුරුතු පොහොය දින අදට යෙදී තිබෙනවා.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

බුදුන්වහන්සේගේ කේශ ධාතු නිදන් කොට මහියංගනය චෛත්‍ය ඉදිකර ඇත්තේ ඉන් පසු කාලයේ දී බව කියැවෙනවා.

එමෙන් ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මගට හරවා ගැනීම ද අද වැනි පොහෝ දිනක සිදුව ඇති බවත්, බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනයක දි බවත් බෞද්ධ ජනතාවගේ විශ්වාසය වෙනවා.

අද දින රට පුරා විහාරස්ථානවල ආගමික කටයුතු සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles