76 වැනි නිදහස් දිනය අදයි!

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගෙන අද දිනයට වසර 76ක් සපිරෙනවා. වසර 76කට පසු මෙරට වර්තමානයේ තිබෙන්නේ ජනතාවට සතුටු විය හැකි රටක් ලෙස නම් නොවෙයි.

කෙසේ වෙතත්, “හදමු අලුත් රටක්” නම් තේමාව යටතේ අද නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශ්‍ය පවසනවා.

ප්‍රධාන නිදහස් උළෙල තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින්ගේ සහභාගිත්වයෙන් සුපුරුදු පරිදි ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙනවා.

කෙසේ වෙතත්, මහජන බදු මුදල් වැය කර පවත්වන නිදහස් උත්සවය මෙවර පොදුජනතාවට විවෘත කර නැති වීම විශේෂත්වයක් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles