බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා.
බක් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් දක්වනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බවයි සඳහන් වන්නේ. චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව එහි දැක්වෙනවා.
එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව කියැවෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු එළඹෙන පළමු පසළොස්වක පොහොය වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.
පොහොය දිනය වෙනුවෙන් අද උදැසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති වශයෙන් පූජා රැසක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.