හුස්ම රකින වන දිනය අදයි

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදෙනවා.

සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිබාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම වසරේ එහි තේමාව “වනාන්තර හා නවෝත්පාදන” යන්නයි.

වනාන්තර දිනය සැමරීමට සමගාමීව පැල ලක්ෂ 10ක් වනාන්තරවලින් පරිබාහිරව සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles