ඉල් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.
වස් කාලයේ අවසන් පොහොය යි. මෙත් බෝසතුන් නියත විවරණ ලැබීම, පළමු ධර්ම දූත ගමන, තුන්බෑ ජටිල දමනය, ආදී විවිධ වැදගත් සිදුවීම් බෞද්ධ ඉතිහාසයේ මෙදින සිදුවූ බව පැවසෙනවා.
කඨින විනය කර්මය සිදු කළ හැකි අවසන් පොහොය ලෙස සැලකෙන ඉල් පොහොය ලක්වාසී බෞද්ධයන්ටද වැදගත් පොහොයක් ලෙසයි සැලකෙන්නේ.