ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන අතර 1908 වසරේදි කාන්තාවන් පහළොස් දහසක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙන් කාන්තා දිනය අරඹා තිබෙනවා.
ඉන් වසරකට පසු ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමරිකානු සමාජවාදී පක්ෂය විසින් වන අතර 1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබු බවයි සඳහන් වන්නේ.
“ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී අද (08 වැනිදා) පැවැත්වෙන බව සඳහන් වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන හා රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන බවත් මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් වෙනුවෙන්ද විශේෂ වැඩසටහනක් ඇරඹීමට නියමිත බව ළමා කටයුතු අමාත්‍යංශය පවසනවා.