2023 අගෝස්තු 04 වැනි සිකුරාදා (අද) දිනයට අදාළ කාලගුණ අනාවැකිය ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. සමස්ත දිවයින පුරා අදත් වැසි රහිත කාලගුණයකුයි අනුමාන කෙරෙන්නේ.
නිවේදනය පහතින්,
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.