හිමි නමට-කතුන් දෙදෙනාට අතවර කළ අයට අද ලැබුණ තීන්දුව

ආන්දෝලනයකට ලක් වුණ නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසකදී හිමි නමකට සහ කතුන් දෙදෙනකුට පහර දී අඩන්තේට්ටම් සහ අතවර කළ බවට සැක පිට අත්අඩංගුවට ගත් චූදිතයන් 8 දෙනා අද රුපියල් ලක්ෂයක බැගින් ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඔවුන් ඇප ලැබුවේ දින 20ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් පසුවයි.

නැවත කණ්ඩායම්ගතව නොහැසිරෙන ලෙසත්, සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් නොකරන ලෙසත් දැඩි ඇප කොන්දේසි පනවා තිබෙනවා.

කඩුවෙල ඉහල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සේනාධීරලාගේ දොන් නික්සන් අප්පුහාම්, විතානගේ රසික හේමන්ත, අරඹවත්තගේ ඉමාන් නිලුක්ෂ රුද්‍රිගු, ගුරුසිංහ ආරච්චිගේ අජිත් රංගජීව, මද්දුමගේ විජේසේන, අරඹවත්තගේ චමින්ද රුද්‍රිගු, රොහාන් උදයංග ද සිල්වා වීරක්කොඩි ,විජේරත්න මුදියන්සේලාගේ දිලාන් සුරංග යන චූදිතයන්ට මෙලෙස ඇප නියම වුණා.

පල්ලේගම සුමන හිමිට  සහ එහි සිටි 19 හැවිරිදි  කාන්තාවකට සහ තවත් කාන්තාවකට විහාරස්ථානය තුළදී  පහර දිම, අයුතු ඇතුළු වීම ,අයුතු ජනරාශිය, ලිංගික අතවරය, සාපරාධි බියගැන්වීම, අඩන්තේට්ටම් සිදුකිරිම, අයුතු අවහිරය, විහාරස්ථානයේ දේපළවලට අනර්ථය සිදු කිරීම හා අසභ්‍යය වීඩියෝ දර්ශන  ප්‍රචාරය කිරිම ආදී වශයෙන් චෝදනා ගණනාවක් ඔවුන්ට එරෙහිව නගා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles