අද දවසේ කාලගුණ තත්වය

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලද මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔවුන් සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි වැසි ඇති විය හැකි බවයි.

ඌව පළාතේ ද ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles