අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමට තීරණයක් ගෙන තිබෙනවා. දේශීය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්‍රිපාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.
හිමියන් ඒ බව කියා සිටියේ 2023-2024 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින්.
වැඩිදුරටත් අදහස් දැක් වු බෙන්ගමුවේ ධම්මදින්න හිමි කියා සිටියේ අවාරයේ ශ්‍රි පාදයේ සංචාරය සදහා පැමිණෙන දේශීය සංචාරකයන් ශ්‍රී පාද පුදබිම සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට අවසර ලබා නොදීමට තිරණය කළ බවයි.