ලෝකයේ ප්රධාන පෙළේ සංචාරක පුවත් මූලාශ්රයක් වන Travel Off Path වාර්තාවකට අනුව 2024 දී වැඩියෙන්ම සංචාරක වර්ධනයක් ඇති රටවල් 5 අතරට ශ්රී ලංකාවද නම් කර තිබෙනවා.
මේ නිර්ණායක සඳහා අන්තරජාල සෙවුම් පරිමාව-සහ දත්ත විශ්ලේෂණ උපයෝගී කරගන්නා බවයි පැවසෙන්නේ.
මෙරට සංචාරක ස්වභාවය එහිදී විස්තර කර ඇත්තේ, රටේ ස්වභාවය, උණුසුම් දේශගුණය,වර්ණවත් සංස්කෘතිය සහ විස්මිත ආහාර නිසා ලොව පුරා සංචාරකයන් ආකර්ෂණය වන බව කියමින්.
රට මෑත කාලයේ නොසන්සුන්තාවලට මුහුණ දුන්නද දැන් සන්සුන් බව පෙනෙතැයි කියන වාර්තාව 2024 වසරේදී මෙරට ජනප්රියම සංචාරක ගමනාන්තයක් වනු ඇතැයි පවසනවා.