ඔක්තෝම්බර් සංචාරක පැමිණීම් ලක්ෂය සපුරයි ද?

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අනුව ඔක්තෝම්බර් මාසයේ මුල් දින 22 තුළ මෙරටට සංචාරකයින් 77,763ක් පැමිණ තිබෙනවා. එය වසරේ මුළු එකතුව 1,094,019 දක්වා ඉහළට ගෙනවිත් ඇති බවයි දැක්වෙන්නේ.

ඉදිරි දින 6 දී සංචාරක පැමිණීම් සාමාන්‍ය සපුරන්නේ නම් මෙම මාසයේ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවනු ඇති.

මෙම කාල සීමාව තුළ සංචාරක පැමිණීමේ දෛනික සාමාන්‍යය 3,534 ක් බව වාර්තා වෙනවා.

මේ පිරිස අතරින් වැඩිම පිරිස වන 20369ක ප්‍රමාණය පැමිණ ඇත්තේ මෙවරත් ඉන්දියාවෙන් බවයි දැක්වෙන්නේ.

සංචාරක පැමිණීම් අතරින් රුසියාව දෙවන ස්ථානයේ සිටිනවා.

අනෙකුත් කැපී පෙනෙන රටවල් අතර ජර්මනිය, චීනය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින, එක්සත් ජනපදය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles