සංචාරකයන් සඳහා වන වීසා අද (17) සිට අන්තර්ජාලය හරහා ලබා ගැනීමට හැකි වන පරිදි e viza ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මේ ගැන සඳහන් කරමින් කියා සිටියේ ආරම්භයේදී භාෂා 5 කින් ඊ වීසා ලබාගත හැකි බවයි.
“නව තාක්ෂණයෙන් වැඩි දියුණු කරලා, ඊ වීසා ක්‍රමවේදය අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඕනෑම රටක ඉඳලා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විතරක් නෙමෙයි, පළමුව සංචාරකයින්ගෙන් පටන් ගන්නවා. ඊට පස්සේ අපි සියලුම වීසා වර්ගවලට ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කරලා අයදුම් කිරීමේ හැකියාව මේ මඟින් සැලසෙනවා. රටේ ජාතික ආරක්ෂාව ගැන සැලකීමේ දී වඩාත් වැඩි ලේඛන ප්‍රමාණයක් ගැනීම ආදිය සලකා බලලා අපි භාෂා 5කින් මේක පවත්වාගෙන යනවා. දැනට අපි සංචාරක වීසා සඳහා පමණයි මේ ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ. ඉදිරි සති කිහිපය තුළ අධ්‍යාපනික, ව්‍යාපාරික ආදි සියලු වීසා කාණ්ඩවලට මෙය හඳුන්වා දෙනවා. රටේ ආරක්ෂක ක්‍රමවේදය අනුව ඉතා පහසුවෙන් රටට එන්න මෙයින් පහසුකම් ලැබෙනවා. මේ අතර නිත්‍ය පහසුකම් වීසා සඳහා අපි තොරතුරු ලබාගෙන තාක්ෂණයෙන් දියුණු ක්‍රම භාවිතයට ගැනීමට නියමිතව තිබෙනවා.