ටොයෝටා සමාගම තමන් අලෙවි කළ මෝටර් රථ දහස් ගණනක් නැවත කැඳවීමක් සිදු කරන බව වාර්තා වෙනවා.
ඒ නිෂ්පාදන දෝෂයක් හෙළිදරව්වීම හේතුවෙන්. ධාවනයේ දී එම දෝෂය වඩා වැඩි වී අනතුරට ලක් වීමේ සම්භාවිතාව ඉහළ යෑම මෙසේ නැවත කැඳවීමට හේතුව බව දැක්වෙනවා.
2020 Yaris පෙට්රල් මාදිලිය සහ 2023 එහි හයිබ්‍රිඩ් මාදිලිය ද එහිම Ascent Sport 1.5L Petrol Auto Hatch and Ascent Sport 1.5L Petrol Manual Hatch මාදිලි ද මෙසේ නැවත කැඳවනු ලබනවා.
මෙසේ දෝෂ සහිත බව දැක්වෙන වාහන 7633 ක් අලෙවි කර ඇති බව දැක්වෙන අතර වාහන හිමියන්ට මේ පිළිබඳ ඉක්මන් අවධානය යොමු කරන ලෙස ටොයෝටා සමාගම දන්වා සිටිනවා.
සියලු දෝෂ පරීක්ෂාවන් සහ අලුත්වැඩියා කිරීම් නොමිලයේ සිදු කරන බව ටොයෝටා සමාගම වැඩිදුරටත් දක්වා තිබෙනවා.