පෑලියගොඩ අධිවේගී පිවිසුමේ ඛේදවාචකයක්: SI වෙඩි තබා ගනී!

පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් අද උදෑසන 6.30ත් 7 අතර දී, වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන තිබෙනවා.

අද (6) උදෑසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මේ බව තහවුරු කළා.

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා 54 හැවිරිදි වියේ අයෙක්. වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles