ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවලට සිදුවුණ ඛේදවාචකය!

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා තිබෙන බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනාවරණය කරනවා.

එමෙන්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරතවූ තවත් විශාල පිරිසකටද ජීවනෝපාය අහිමිව තිබෙනවා.

මේ සියලු දෙනාට සහන සැලසීම සඳහා ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කළ යුතු බවටයි කාරක සභාව නිර්දේශ කරන්නේ.

මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම්වල යෙදුණු පුද්ගලයන්ට අමතරව එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ටද සිය ජීවිකාව අහිමි වී ඇතැයිද එකී කාරක සභාවේ දී හෙළිව තිබෙනවා.

මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ගවලට අනුව, මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් කොන්ත්‍රාත් සමාගම්වලට රජය විසින් ගෙවිය යුතු හිඟ මුදල බිලියන ගණනක් බවයි කියවෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles