ත්‍රිකුණාමල චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ටැංකි අනූ නමයකින් සමන්විත ඉන්ධන ගබඩා පර්යන්තයේ, ඉන්ධන ටැංකි 61ක් පුද්ගලික සමාගමක් වෙත වසර පනහක කාලයක් සඳහා ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වෙනවා.
මෙහි සංවර්ධන කිරීම සඳහා ශක්‍යතා අධ්‍යනයක් මඟින් මූලික පියවර මේ වන විටත් ආරම්භ කර ඇති බවයි රජය පවසන්නේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම්, ක්‍රියාත්මක කිරීම් හා පැවරීම් යන ව්‍යාපාර මාදිලිය අනුගමනය කිරිමටයි යෝජනා වී ඇත්තේ. මෙහි පළමු අදියර යටතේ යෝජනා වී ඇත්තේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමයි. අදාළ ප්‍රසම්පාදන අනුගමනය කිරිමට විදුබල හා බලශක්තිය අමාත්‍යවරයා යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.