ට්‍රම්ප් -බයිඩන් විවාදය උණුසුම් : වැරදි ගැන ප්‍රසිද්ධියේ චෝදනා කරගනියි

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී විවාදය එකිනෙකාට පරිභව කර ගනිමින් උණුසුම් ලෙස පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එදිරිවාදිකම් පවතින බැවින්, විවාදය සඳහා බයිඩන් සහ ට්‍රම්ප් වේදිකාවට ගොඩවූයේ එකිනෙකාට අතට අත දී ආචාර කිරීමක් පවා නොකර බවයි සඳහන් වන්නේ.

ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී, ඇමෙරිකාවේ ආර්ථික කඩා වැටුණේ ට්‍රම්ප් නිසා යැයි බයිඩන් චෝදනා කර ඇති අතර විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකන් සෙබළුන් කඩිමුඩියේ ඉවත් කිරීම යන කාරණාවලට ට්‍රම්ප් විසින් බයිඩන්ට දෝෂාරෝපණය කළ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

අනවසර සංක්‍රමණිකයන්, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් ද ජනපති ධුර අපේක්ෂකයන් දෙදෙනා අතරේ උණුසුම් විවාද පැවැත්වුණු බවද සඳහන්.

ඇමෙරිකන් ජනාධිපතිවරණයක් පැවැත්වෙන කාල සීමාවේදි ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් සජීවී රූපවාහිනී විවාද කීපයකට සහභාගී වීම ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායකි.

බයිඩන් සහ ට්‍රම්ප්ගේ මෙම පළමු විවාදය පැවැත් වූයේ ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවරදීයි.

විවාදය මෙහෙයවීම කළේ සී.එන්.එන්. පුවත් නාළිකාවේ මාධ්‍යවේදීන් වන ජේක් ටැපර් සහ ඩානා බාෂ්ගේ මැදිහත්වීමෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles