මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරනවා.
මේ අතර බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ දැනට නිකුත් වී ඇති ප්රතිඵල අනුව ඡන්ද විද්යාල 265ක ජය ට්රම්ප්ට හිමිව ඇති අතර, ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් විසින් ඡන්ද විද්යාල 194ක ජය හිමිකර ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඡන්ද විද්යාල 270ක් හිමිකර ගත යුතුව තිබෙනවා.