රාජසිංහ රජු පූජා කළ පිළිමය විකුණන්න හදලා: යකැදුරෙක් දැලේ

සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් සසුනට පූජා කරන ලදැයි කියන පස් ලෝ බුදු පිළිමයක් විදේශිකයෙකුට අලෙවි කිරීමට ගිය කුරුවිට ප්‍රදේශයේ යකැදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එය රුපියල් එක්කෝටි විසිලක්ෂයකට අලෙවි කිරීමටයි සූදානම්ව සිට ඇත්තේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරු කුරුවිට දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි බලි තොවිල්, ශාන්තිකර්ම සහ විවිධ ප්‍රතිකාර කරන අයෙක් බවත් මෙම ප්‍රතිමාව මෙයට කලකට පෙර මොහු නුවර අයෙකුගෙන් ලබාගෙන ඇති බවත් අනාවරණයව තිබෙනවා.

මෙම බුද්ධ ප්‍රතිමාව රන්, රිදී, පිත්තල, තඹ සහ සුදු යකඩ මිශ්‍රව නිමවා ඇති අඩි 3යි අඟල් 1ක් උස අඩි 2හමාරක් පළල කිලෝ 48ක් බර එකක් බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles