ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් වාර්තා වී තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කර තිබෙනවා.

ජපානයේ කුශු දූපතට නැගෙනහිර වෙරළ ආසන්නයේ කිලෝමීටර් 30ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම කම්පනය සිදුවී ඇතැයි සඳහන්.

මෙම භූකම්පනය හේතුවෙන් කුශු දූපතට සහ ශිකොකු දූපතට මීටරයක් පමණ උසැති සුනාමි රැලි ඇති වෙතැයි අනුමාන කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles