සිය නිවුන් දරුවන් දෙදෙනා රුපියල් 50000ක මුදලකට අලෙවි කළ බව කියන මවක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
29 වියැති පිළියන්දල පදිංචි දරුවන්ගේ මව වන කාන්තාව සිය නිවුන් දරුවන් දෙදෙනා රුපියල් 50000ක මුදලකට පොලොන්නරුව සහ රාගම පදිංචි කාන්තාවන් දෙදෙනෙකුට විකුණා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
දරුවන් මිලට ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තා වුණා.