අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

අපකීර්තිදායක හැසීරිම, අණට අකිකරුවිම, රාජකාරි පැහැර හැරිම යන චෝදනා යටතේ ඇල්පිටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඇල්පිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.යූ.කේ.ලොකුහෙට්ටිගේ නියෝග කර ඇති  පරිදි අද උදැසන වැඩ තහනම් කිරිමේ නියෝග නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස වැඩ තහනම් කර තිබෙන්නේ පසුගිය 13වනදින වි.පී.එන්.ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේ සහ දුරකතන ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේ බවයි වාර්තා වන්නේ.

අම්බලන්‍ගොඩ පොනදුව පදිංචි සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත හෙවතත් සමන් කොල්ලා යන අයගේ නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ වෙඩි තැබිම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට(119) ලැබුණ පණිවුඩය පිළිබඳව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා දැනුවත් නොකිරීම මත මෙම වැඩ තහනම සිදුකර ඇති බව දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති කාර්‍යාලය පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles