මිනිමැරීමට තැත් කිරීම හා බරපතළ ලෙස පහරදීම යන චෝදනා යටතේ ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව පොලීසිය මගින් එම ප්රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.
ඒ, අදාළ පාසලේ දැරියකට බරපතළ ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන්.
සැකකාර ගුරුවරියන් මාරවිල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එම ගුරුවරියන්ගෙන් පහරකෑමට ලක්වී ඇත්තේ එම පාසලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක් වන අතර, ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
එම දැරියට යම්කිසි සිදුවීමක් සම්බන්ධයෙන් එක් ගුරුවරියක් බරපතළ ලෙස පළමුව පහරදී ඇති අතර, පසුව අනෙක් ගුරුවරිය අව්වේ දණගස්වා කොස්සකින් පහරදී ඇති බව සඳහන්.
එහිදී අදාළ දැරිය ක්ලාන්ත වී ඇති අතර, පසුව ඇයව ඔසවාගෙනවිත් මේසයක් මත අතහැරීමේදී ඇයගේ හිස එහි වැදී ඇති බවද වාර්තා වෙනවා.