කෝටි ගාණක අම්බර් එක්ක ධීවරයින් දෙදෙනෙක් කොටුවෙයි

අම්බර් කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයෙදී අද(29) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අම්බර් තොගය රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුතු බව පොලීසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක පමණ පුද්ගලයින් දෙදෙනෙක්.

අදාල සැකකරුවන් මසුන් මැරිම සදහා ගොස් සිටියදි මුහුදේ පාවෙමින් තිබු මෙම අම්බර් තොගය ( තල්මස් කොටස් ) සිය යාත්‍රාවට දමා ගෙන රහසේ රැගෙනවිත් සඟවා තිබු බව පරික්ෂණ වලදි තහවුරු වී ඇතැයි සඳහන්.

නාවික හමුදා බුද්ධි තොරතුරක් මත වනජීවි නිළධාරීන් සමග පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ඒකාබද්ධව වැටලිම සිදුකර තිබෙනවා.

1 COMMENT

  1. Mata notherena deyak thiyenawa kawuru hari danna kenek innawanam karunakarala mata pahadili karanna. Me ambar kiyana de neethi wirodi wenne kohomada eka pura widyawata purawasthu walata aithi wath kisima kenekgen horakam karana ho rajayata aithi deyak I wath ehema naththam wenayam ayurakin parisarayata minissunta ahithakara deyak newenam eka neethi wirodi wnne mona akarayatada ? E minissunta eka wikunala oya duppathkamen midila ratatath barak nowi jeewath wenna puluwan neda? Oya wage dewal aithi rajaye manthree amathi bill warunta pamanada ? Karunakarala kawuru hari mata pahadala denna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles