ඇල්පිටිය සභාපති ධුරය නම් කරමින් ගැසට් දෙකක් නිකුත් වෙයි!

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා සනත් ප්‍රියන්ත සුමනසිරි නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී රවින්ද්‍ර විජය කුමාර විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ දී ජාතික ජන බලවේගයට එහි බලය හිමිවූ අතර ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරයට එම පක්ෂයේ නිශාන්ත පෙරේරා පත් කරනු ලැබුවා.

කෙසේවෙතත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ ඔහු පාර්ලිමේන්තුවට තේරීපත්වීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති ධුරය පුරප්පාඩු වුණා.

ඒ අනුව පුරප්පාඩු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරය සඳහා නාගරාජා සාරා විනෝදනී නම් කරමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරීවරයා විසින් තවත් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles