සියලු ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන් 5000ක පමණ පිරිසක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම පත්වීම් ලිපි ලබන මාසයේදී භාරදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් සඳහන් කරනවා.
ඔහු ප්‍රකාශ කළේ එළඹෙන අයවැයේ දී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක්ද සිදුවිය හැකි බවයි.
“ශ්‍රේණි (iii) විදුහල්පතිවරුන් 5000ක් පමණ බඳවා ගන්නා අතර ලබන මාසේ 04 වනදාට ඒ අයගේ පත්වීම් ලිපි භාරදීමට නියමිත බවයි ඔහු පවසන්නේ.