පීරමීඩ බිස්නස් කර පොලු තැබූ අඹු-සැමි දෙපළ රිමාන්ඩ්

පිරමිඩ ආකාරයේ සමාගමක් ආරම්භ කර පවත්වාගෙන ගොස් එහි ආයෝජනය කළ රුපියල් මිලියන 1,800 කට වැඩි මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශගතව සිට පැමිණි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරු මැලේසියාවේ සැඟව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ.

ඔහුගේ බිරිඳ මෙම සැකකරු රැගෙන යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 68 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් තවත් විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇති අතර විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles