ඩයනාගේ පෙත්සම සළකා බැලීමෙන් විනිසුරුවන් දෙදෙනෙක් ඉවත් වෙයි

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී‍ තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබූ අදහස්වලින් ඩයනා ගමගේ අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබුවා.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (26) කැඳවනු ලැබු අතර එම අවස්ථාවේදී අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු වශයෙන් කටයුතු කළ කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා තමන් මෙම පෙත්සම් සලකා බැලීමේ කටයුතුවලින් ඉවත් වන බව දැනුම් දුන් බව සඳහන්.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 05 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles