පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිස් වෙඩි පහරින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ මේ අය අපරාධවලට සම්බන්ධ අයවළුන් බවයි. කෙසේ වෙතත්, මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයේදී මෙම ත්රිරෝද රථයට නවතින ලෙස අණ කළත් එය නොතකා පොලිසියට වෙඩි තබා පළා ගිය බවද පොලිසිය සඳහන් කරනවා.
පොලිසිය විසින් ත්රිරෝද රිය හඹා යද්දි නැවත වෙඩි තැබු බවත් එහිදී පොලිසිය තැබූ වෙඩිවලින් දෙදෙනෙකු මිය ගොස් අනෙකා පළා ගොස් ඇති බවද පොලිසිය පවසනවා.
පිස්තෝල වර්ගයේ ගිනි අවියක්ද සිද්ධිය වූ ස්ථානයේ වැටී ඇතැයි පොලිසිය තවදුරටත් සඳහන් කළා.