2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන( අගෝස්තු)මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් වෙමින් පවතින බව ද එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
මේ අතර 2023 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම් පත් කැඳවීම ද ජුලි මස 28වන දින අවසන් වන බවද සඳහන් කරනවා.
විභාගය සඳහා මාර්ගගතව අයදුම් කළ යුතු වන අතර අදාළ දිනයෙන් පසු අයදුම්පත් භාර නොගන්නා බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම උසස් පෙළ විභාගය 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට අපේක්ෂා කරන බවයි සඳහන් වෙන්නේ.