පංච පුද්ගල ඝාතනයේ තවත් සැක දෙදෙනෙක් අල්ලයි

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගයින් දෙදෙනා හෙරොයින් සමග ගාල්ල වංචාවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් සහ 35ක් වන පුද්ගලයින් බවයි සඳහන් වන්නේ.

2024.01.22 වන දින සමන් පෙරේරා (රෝයල් බීච් සමන්) ඇතුළු පුද්ගලයින් පස්දෙනා වෙඩිතබා ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍ර‍ව්‍ය ජාවරම්කරුවකු වන ඌරගහ මයිකල් නමැත්තා සමග තංගල්ල අධිකරණය අසලදී ප්‍ර‍හාරයක් එල්ල කිරීමට මෙම සැකකරුවන්ද අදාළ සැලසුම් සකස් කළ බවත්, කොස්ගොඩ සුජී නමැත්තා විසින් මෙම මයිකල් නැමැත්තා හට ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවටත් මෙම සැකකරුවන් මගින්ද තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වී තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles