යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක සහ නිලුපුල් පැහැසර සමත් වී තිබෙනවා.
ඒ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ දේශයේ හිදී පැවැත් වු පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් සහ උස පැනීමේ ඉසව්වෙන් මෙම ජයග්‍රහණය හිමි කරගෙන තියෙන්නේ.
ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ අවසන් මහා තරගයට අඹගමුව මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි අයෝමාල් අකලංකයි තරඟ කර රිදී පදක්කම හිමිකර ගෙන තිබෙනවා. ඔහු එම තරග ඉසව්ව අවසන් කිරීමට ගත කළ කාලය තත්පර 51.61ක්.
යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට නිලුපුල් පැහැසර සමත් වුණා.නිලුපුල් එහිදි දැක්වූ දක්ෂතාව මීටර් 2.00ක්