වැලිමඩ ප්රදේශයේ ජනප්රිය පාසලක රාජකාරි කාලය තුළ ගංජා පානය කළ ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සංගීත පන්ති කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියදී.
නිර්නාමික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ ගංජා ග්රෑම් 1.9 ක් තිබී ඇති බවයි වැලිමඩ පොලිසිය පවසන්නේ.
සැකකරුවන් අද (09) වැලිමඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.