ඉන්දියාවෙන් නව ටෙස්ට් ක්‍රිකට් වාර්තා දෙකක්

බංග්ලාදේශයට එරෙහිව කාන්පූර්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රිකට් පිටියේ සුවිශේෂී වාර්තා දෙකක් අලුත් කිරීමට ඉන්දියාව අද (30) සමත් වුණා.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් වාර්තා කළ වේගවත්ම ශතකය හා වේගවත්ම අර්ධ ශතකය අලුත් කිරීමට ඔවුන්ට හැකි වුණා.

ඉන්දියාව පන්දුවාර 10.1කින් ශතක කඩයිම පසුකර ගිය අතර මෙහි පෙර වාර්තාවද ඔවුන් විසින් පිහිටවනු ලැබුවක්.

ඔවුන් මීට පෙර වේගවත්ම ටෙස්ට් ශතකය 2023 වසරේදී බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව කොදෙව් දූපත්හිදී පැවති තරගඟයේ දී පිහිටවනු ලැබූ අතර එවර ඉන්දියාව පන්දුවාර 12.2කින් ශතකය සම්පූර්ණ කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව මෙම ඉනිමේදී අර්ධ ශතක සීමාවද පන්දුවාර 3කදී සම්පූර්ණ කිරීමට සමත් වූ බව සඳහන්. එයද ටෙස්ට් ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය වනවා.

ඉන්දියාව බිඳදමනු ලැබුවේ මෙම වසරේදීම එංගලන්තය විසින් බ.ඉ. කොදෙව්වට එරෙහිව පන්දුවාර 4.2කදී පිහිටුවා තිබූ වාර්තාවයි.

මේ අතර ඉන්දියාව මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු ආකෘතියක පන්දුවාර 3කදී අර්ධ ශතකය සම්පූර්ණ කර නොමැතිවීමද විශේෂත්වයක්.

මෙම තරගයට දින දෙකකට අධික කාලයක් වර්ෂාවෙන් බාධා වුණ අතර තරගයේ පළමු ඉනිම සඳහා බංගලාදේශය ලකුණූ 233ක් රැස් කළා.

බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොමිනුල් හක් ලකුණු 107ක් රැස් කළා.

නායක නජ්මුල් හොසේන් ලකුණු 31ක් රැස්කර සිටියදී දැවී ගියා.

සෙසු ක්‍රිඩකයින් කිසිවෙකුටත් ලකුණු 25 සීමාව ඉක්මවා යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3ක් බිඳ හෙලූ අතර පන්දු යැවීමේදී රවී චන්ද්‍රන්, අශ්වින් සහ, ආකාෂ් දීප් කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව පන්දුවට පහරදීම ඇරඹූ ඉන්දියාව, සිය පළමු ඉනිමට පන්දුවාර 34.4ක් ක්‍රීඩාකර කඩුලු 09ක් දැවී ලකුණු 285ක් රැස්කර ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඒ වනවිට ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 52ක් ඉදිරියෙන් සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles