හොර පාරෙන් ඉඟුරු ගෙනා දෙදෙනෙක් දැලේ

ඉන්දියාවේ සිට මුහුදු මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන ඉඟුරු ඇසුරූ ගෝනි 29 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු ද ඉල්ලන්තඩිය වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අදාළ ඉඟුරු තොගය සමග ඒවා ප්‍රවාහනය සදහා යොදාගත් බවට සැක කෙරෙන ධීවර යාත්‍ර තුනක්, එන්ජිම් තුනක්, පිහිටීම් දීශාව සොයා ගන්නා ජී.පී.එස්.යන්ත්‍රයක් ද සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බව නොරොච්චෝල පොලීසිය සඳහන් කරනවා.

එම ඇසුරුම් තුළ ඉගුරු කිලෝ ග්‍රෑම් 1456 ක් තිබුණු අතර,එහි දළ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය උච්චිමුනේ පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර පුද්ගලයින් බව පොලීසිය පවසනවා.

දැනට මෙරට වෙළපොළ තුළ ඉඟුරු මිල ඉතා ඉහළ ගොස් ඇති නිසා ඉන්දියාවේ සිට මුහුදු මඟින් නීතිවිරෝධීව ඉඟුරු ගෙන්වීමට පෙළඹී ඇතැයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles