අයිස්කාරයෙක්ගේ ෆෝන් එකටයි පර්ස් එකටයි පොලිසීයේ දෙන්නෙක් විදලා

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 25,300ක් බලෙන් පැහැර ගැනීම නිසා.

එම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා කොටුව සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානවලට අනුයුක්තවයි රාජකාරි කර තිබෙන්නේ.

පසුගිය දා රාජගිරියේ සුපිරි වෙළඳ සැලක් ආසන්නයේදී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර
අනතුරුව එම පුද්ගලයා පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථයෙන් රැගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් සහ ජංගම දුරකථනය බලෙන් ලබා ගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබීම සමඟයි මෙම විමර්ෂණය කර තිබෙන්නේ.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අදාල පැමිණිල්ල ඔස්සේ’ විමර්ශන සිදුකර මෙම පොලිස් කොස්තාපල්වරුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles