ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර අනුමත කරන්නේ අපනයන ආර්ථිකයද ආනයන ආර්ථිකයද යන්නට පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
එමෙන්ම තම රජය විසින් ඉදිරිපත් කළ දූෂණ විරෝධි වැඩසටහන ඉදිරියට ගෙන යන්නේදැයි තමන් ඔහුගෙන් ප්රශ්න කරන බව ජනපතිවරයා සඳහන් කළා.
ආනයන අපනයන ආර්ථිකය පිළිබඳව තමා මොරවක ප්රදේශයේදී විමසූ දිනට පසු දිනම අනුර කුමාර දිසානායක අසනීප වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.