ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මෙවර ජනපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන බව මීට සුළු වේලාවකට ප්‍රකාශ කළා.
මීට සුළු වේලාවකට පෙර මල් පාරේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී, රනිල් වික්‍රමසිංහ හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් දෙදෙනා මෙම තීරණය පවසා සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති අංගජන් රාමනාදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරමින් 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වූ අතර 2015 වසරේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. .
2020 වසරේදී පැවති මහ මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ ඔහු පාර්ලිමේන්තුවට දෙවන වරටත් තේරී පත් වූ අතර ඔහු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටිනවා.
පාර්ලිම්න්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නේද ඔහුයි.
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල 2015 වසරේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු මේ වන විට පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් ලෙස කටයුතු කරමින් සිටිනවා.