ආරක්ෂක අංශ සෙබළුන් දෙදෙනෙකු ස්ථාන දෙකකදී ඊයේ (15) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (15) සවස් කාලයේදී පරයනාලන්කුලම් පෙරියකට්ටු ප්‍රදේශයේ මල්වතු ඔයේ දියනාමින් සිටි 26 හැවිරිදි යුද හමුදා සෙබළෙකු දියේ ගිළී සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. ඔහු උඩමයිලපිටිය, තලාතු ඔය ලිපිනයේ පදිංචි අයෙක්.
මේ අතර බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් 35 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මියගොස් තිබෙනවා. ඒ බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක එලෙස ගැටීමෙන්. ඔහු ඉහළ ලුණුගම, මණ්ඩාවල ලිපිනයේ පදිංචිකරුවෙක්.