පසුගියදා අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සංජීව කුමාර හෙවත් ගනේමුල්ල සංජීව බැලීමට ගිය හිටපු අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් පාතාලය සමඟ සබඳතා පවත්වන බවට සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
සංජීව කුමාර හෙවත් ගනේමුල්ල සංජීව වෙනුවෙන් හිටපු අමාත්‍යවරයා පොලිසියේ ඉහළ නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට බලපෑම් කරන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
නේපාලයේ සිට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණි ගණේමුල්ල සංජීව පසුගියදා අත්අඩංගුවට ගැනුණා.