ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරින් 17 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබූවන් 100 කට වැඩි බවත් එම තුවාල ලැබු පිරිස රෝහල්ගත කළ බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
එසේම තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇති බවත්, බංග්ලාදේශ සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙනවා.
අනතුර සිදුව තිබෙන්නේ නැනෙහිර බහිරාබ් නගරයේදී වන අතර දුම්රිය ගැටුමෙන් දුම්රිය දෙකම පීලි පැනීමට ලක්ව තිබෙනවා. කුඩුපට්ටම් වුණු මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.