උද්දිකගේ වෙඩි තැබීම තවත් එක් රංගනයක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නට පසුගිය වසරේ කළ වෙඩි තැබීමේ සිද්ධිය ව්‍යාජ රංගනයක් බව හෙළිදරව් වී ඇතැයි වාර්තා වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ හිටපු මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමඟ එක්ව සැලසුම්සහගතව වෙඩි ප්‍රහාරය එල්ල කරගෙන ඇති බවයි.

2023 වසරේ සැප්තැම්බර් 17 සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ අතර මෙහි සත්‍යාසත්‍යභාවය සම්බන්ධයෙන් සමාජයේ බොහෝ අංශ එවකදීත් සැක පළ කරනු ලැබුවා.

වෙඩි තැබීමේ සිද්ධියට දායක වූ සංජීව මහානාම සහකාර පොලිස් අධිකාරිවරයා සිය පවුල පිටින්ම විදේශගතව ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඔහු ගුවන් තොටුපලට ගොස් කිසිවෙකු අතේ ගිනි අවිය එම ස්ථානයට යවා රංගනයට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි පැවසෙන්නේ.

ව්‍යාජ වෙඩි තැබීමේ සිද්ධියක් නිර්මාණය කර තමන්ට තර්ජන ඇති බව පවසා විදෙස් රටක පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් මෙම රංගනය උක්ත රංගන ශිල්පියා වන උද්දික ප්‍රේමරත්න විසින් සැලසුම් කර ඇති බවයි ඒ අනුව අනාවරණය වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles