උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් වුණා.
අද (24) උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබුවා.
ඒ අනුව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කර තිබෙනවා.
එම ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ත මුදල ඩොලර් මිලියන 514ක් වන අතර ව්‍යාපෘතිය ආරම්භ කළ කාලසීමාව තුළදී ඉන් ඩොලර් මිලියන 450ක මුදලක් ඉරාන රජයෙන් මෙටට ලබාදීමට එකඟවී තිබුණා.
නමුත් ඉරාන රජය ඩොලර් මිලියන 50ක මුදලක් එහිදී ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ආදාළ සම්පූර්ණ මුදල් මෙරට රජය වෙත ලබාදීමට ඉරාන රජයට නොහැකි වූ අතර පසුව එම ව්‍යාපෘතියේ පිරිවැය දරමින් එය මේ දක්වා ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා රජය හරහා බවයි සඳහන් වන්නේ.