LPL සමාරම්භක උළෙලේ දී සිය ජාතික ගීය ගායනය නිසා පීඩාවට පත්වූ/ සිත් රිදවාගත් සියලු දෙනාගෙන් තමා සමාව ඉල්ලා සිටින බව ගායිකා උමාරා සිංහවංශ සමාජ මාධ්‍ය සටහනක් නිකුත්කරමින් පවසනවා.
2023 ජූනි මස 20 වන දින පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL)තරඟාවලියේ සමාරම්භක උත්සවයේ දී තමා විසින් ජාතික ගීය ගායනා කරද්දි සමහර වචන උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇතිවී තිබෙන නිසා මෙම සටහන නිකුත් කළ බවයි ඇය සඳහන් කරන්නේ.
එහි ” මේ සම්බන්ධයෙන් මා කියා සිටින්නේ, ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මම නිතරම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, තම මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් මා විසින් සෑම අවස්ථාවකදීම මගේ රටේ අභිමානය නගා සිටුවීම සඳහා ගීත ගායනයෙන් මෙන්ම විවිධාකාරයෙන් මගේ උපරිම ශක්ති ප්‍රමාණය කටයුතු කර ඇති බවත් ජාතික ගීයේ වචන විකෘති කිරීමකට හෝ කිසිදු ආකාරයකට වැරැදි අර්ථකථනයක් සැපයීමට මා කිසි විටෙකත් අදහස් කළේ නැත” යනුවෙන් සඳහන් වෙනවා.
ඇගේ සටහන පහතින්.