ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උත්සවය අවස්ථාවේ ජාතික ගීය ගැයීමේදී විකෘති ලෙස ගායනා කළැයි චෝදනා ලැබූ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ ඊයේ දිනයේ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
තමා ජාතික ගීය විකෘති නොකළ බවත් උච්ච ස්වරයෙන් ගායනා කළ බවත් ඇය එහිදී පවසා ඇති බව සඳහන්. එම උච්ච ස්වර ගැයුම විද්‍යුත් මාධ්‍යවල විකාශය වෙද්දී ප්‍රතිරාව (feedback sound) වීම නිසා මහතා යනුවෙන් ප්‍රචාරය වන්නට ඇති බවත් ඇය එහිදී සඳහන් කරනවා.
කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංගීත නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට අනුව ජාතික ගීය ගායනා කළ යුත්තේ මන්ද්‍ර ස්වරයට අනුවයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති බව ඔහු පවසනවා. විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව ලබාගත් පසු මේ ගැන ක්‍රියාකාරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට නියමිත බවයි ආරංචි මාර්ග දක්වන්නේ.