දේශපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කර නෑ : එක්සත් ජාතීන්ගෙන් ලංකාවට චෝදනා!

ශ්‍රී ලංකාව දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල දිගුකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට අපොහොසත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනය (UN human rights body) ප්‍රකාශ කර තිබෙනවා. වැරදි සහ අසත්‍ය මූලාශ්‍ර මත පදනම් වූ ප්‍රකාශයක් බව කියමින් ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙනවා.

සඳුදා ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ කොමසාරිස් නඩා අල්-නෂිෆ්, “2022 ගැඹුරු ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරද්දී, බලාපොරත්තු වූ පරිවර්තනය තවම හරිහැටි සිදු වී නැතිවා සේ ම පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා අරමුණුද ඉටු වී නැති ” බව පැවසුවා.

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් විශාල පිරිසකට බලපා ඇතැයි ද එය වැඩියෙන්ම දැනී ඇත්තේ දිළිඳු සහ ආන්තික ජන කොටස් වෙත බවද එහිදී සඳහන් වුණා.

සිවිල් යුද්ධය අවසන් වී වසර 14ක් ගතවී ඇතත්, සත්‍යය, යුක්තිය සහ සාධාරණය බලාපොරොත්තුවෙන් සිටින දස දහස් සංඛ්‍යාත වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල දුක් වේදනා සහ ශෝකයෙන් දිගටම දුක් විඳින බවත් වැඩිදුරටත් එහිදි සඳහන් කර තිබෙනවා.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි සුභාෂිණී අරුණතිලක එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles