කොළඹ අනවසර ඉදිකිරීම් ඉවත් කෙරේ

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද පවසනවා.

ඊට අදාළ චක්‍රලේඛය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතනලට ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින තෙත් බිම් සංරක්ෂණය කිරීම මගින් ජල ගැලීම් පාලනය කිරීමට හැකි බවයි.

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින කුඩා ජල මාර්ග, පැති කාණු අවහිරවීම ජලගැලීම්වලට ප්‍රධාන හේතුව බවට හදුනාගෙන තිබෙන බවද ලේකම්වරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතන එක්ව කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර බැසයාම සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය කියා සිටිනවා.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරන අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles